26 C
Colombo
Monday, November 25, 2024
spot_img

 රන්වීර් සිං සහ ආලියා භාට් ගේ දක්ෂ රංගනය – ”ආදායම කෝටි 200 අබිබවයි” 

බොලිවුඩයේ පුවත් මවන අධ්‍යක්ෂවරයෙක් තමයි කරන් ජොහාර් කියන්නේ.

ඔහුගේ අලුත්ම චිත්‍රපටය තමයි, ‘රොකී ඕර් රානි කී ප්‍රේම් කහානි’.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත කරන්නේ දක්ෂ නළු රන්වීර් සිං සමඟ ආලියා භාට්.

කරන් මේ විදිහට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ අවුරුදු 7 කට පස්සේ.

පහුගිය සති අන්තයේ කරන්ගේ මේ අලුත්ම චිත්‍රපටය ‘රොකී ඕර් රානි කී ප්‍රේම් කහානි’, ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් කෝටි 200 ක ආදායමක් උපයන්න සමත් වෙලා.

ඉතින් කාලෙකට පස්සේ තමන් කරපු නිර්මාණයක් මේ තරම් ඉක්මනට ආදායම් වාර්තා අතරට ආපු එක තමන්ට ලොකු සතුටක් කියලයි කරන් ජොහාර් කියන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එක ජනතාව අතරට ඉක්මනින්ම ගියේ, රන්වීර් සිං සහ ආලියා භාට් ගේ දක්ෂ රංගනය වගේම හොඳ ගැලපීම නිසා කියලත් කරන් ජොහාර් කියලා තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles