28.4 C
Colombo
Tuesday, January 27, 2026

විදේශීය සංචාරකයින් ලද අලුත් අවුරුදු අත්දැකීම “New Year in Paradise 2023”

මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැදුණ දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදෙන”New Year in Paradise 2023″ අලුත් අවුරුදු උත්සවය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උණවටුන මුහුදු තීරයේදී අද (15) පැවැත්වුණා.

අලුත් අවුරුද්ද හා බැදුන සංස්කෘති අංග රැසකින් අලුත් අවුරුදු උත්සවය අළංකාරවත්වී තිබූ අතර විදේශීය සංචාරකයින් වෙනුවෙන් වෙන් කර තිබූ අලුත් අවුරුදු කෑම මේසය, සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගෙන තිබුණා.

විදේශිකයින් සදහා කණා මුට්ටිය බිදීම, අලියාට ඇස තැබීම, ලිස්සන ගහ නැගීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි තරග රැසක් සංවිධානය කර තිබූ අතර දේශීය නැටුම් හා බෙර වාදන සහිත සංස්කෘතිකාංගද මෙහි සංවිධානය කර තිබිම විශේෂත්වයක්.

මේ අතර මෙරට සංචාරයේ යෙදෙන කුඩා දරුවන් සදහා වෙරළේ වැලි මාලිගා සකස් කිරීමේ තරගයක්ද සංවිධානය කර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles