23.9 C
Colombo
Wednesday, January 28, 2026

මොනවද මේ අවුරුදු ක්‍රීඩා – ගැණුන්ගේ කිහිල්ලේ තියන් කුක්කු බීම

සිංහල ජාතිය ආරම්භයේ සිට අලුත් අවුරුද්ද මෙරට ජන ජීවිතය සමග ඇත්තේ ඉතාමත් සමීප සම්බන්ධතාවක්.

කෘෂිකාර්මික අර්ථ රටාවක්‌ සමග බද්ධව සිටි ඔවුන් අස්‌වනු නෙළා ගැනීමෙන් අනතුරුව ආර්ථික වශයෙන්ද සශ්‍රීකත්වයට පත් වන අතර යළිත් ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට අවතීරණය වන්නට පෙර මානසිකව කිසියම් විවේකයක්‌ ඔවුනට අවශ්‍ය වුණා.

සිංහල අලුත් අවුරුදු සැණකෙළිය සමග වූ මෙම ප්‍රීතිමත් දින කීපයේදී බාල, මහලු, ස්‌ත්‍රී, පුරුෂ භේදයෙන් තොරව සියල්ලන්ම එක්‌ව ක්‍රීඩාවෙහි යෙදෙන අතර මෙම ජන ක්‍රීඩාවන් අතර වූ සුවිශේෂත්වයන්ද දක්නට ලැබුණා.

පංච කෙළිය, ඔළිඳ කෙළිය, නෙරෙන්චි ඇදීම, රබන් ගැසීම, ඔන්චිල්ලා පැදීම, චක්‌ගුඩු පැනීම, මේවර කෙළිය, එළුවන් කෑම, පංච කෙළිය එකල පැවති ක්‍රීඩා අතර ප්‍රධාන තැනක් ගන්නවා.

අද සමාජයේ දරු දැරියන් මෙවැනි ක්‍රීඩා ඉසව් සම්බන්ධයෙන් දැනුවත්ද යන්නත් සැකයක් මතුවන්නේ මෙවර අවුරුදු උත්සව වලදි සංවිධාන කර තිබු ක්‍රීඩා ඉසව් දැක් විටයි.

මේය කෙතරම් සදාචාර සම්පන්නද..? මෙය නරඹන ඔබටම එය සිතිය හැකියි.

ඔබේ අදහස කමෙන්ට් කරන්න

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles