25 C
Colombo
Monday, November 25, 2024
spot_img

අවුන්සාන් සුචී තවත් 7 වසරක් සිපිරි ගෙට..

මියන්මාර හිටපු පාලිකා අවුන්සාන් සුචීට තවත් වසර 7 ක සිර දඬුවම් නියම කරමින් එරට  යුධ අධිකරණයක් මගින් අද (30) ප්‍රකාශයට පත් කළ තීරණය ජාත්‍යාන්තර මාධ්‍යයේ වැඩි අවධානයකට ලක් වී තිබේ.

එම අධිකරණ තීරණයට  අනුව ඇයට හිමිව ඇති මුළු සිර දඬුවම් කාලය වසර 33 ක් දක්වා ඉහළ යනු ඇති.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ජයක් හිමිකර ගෙන බලයට පත් වූ මියන්මාර හිටපු පාලිකා අවුන්සාන් සුචී 2021 පෙබරවාරී මස දී  හමුදා කුමන්ත්‍රණයකින්  බලයෙන් පහකෙරණු අතර එතැන් සිට මේ දක්වා මාස 18 ක කාලයක් තුළ වැරදි 19 කට ඇයට චෝදනා එල්ල වී තිබේ.

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවුන්සාන් සුචීව නිදහස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව කතිතාවක් ගොඩ නැගුන ද, පසුගිය සිකුරාදා ඇය මුහුණ දුන් නඩු විභාගයේ දී ඇය චෝදනා 5කට වරදකාරීය බව අධිකරණය මගින් තීරණය කළේ ය. 

පසුගිය සිකුරාදා ඇයට එල්ල වූ අවසන් චෝදනා 5ට ඇය දඩුවම් නියම කෙරිණ. 

රජයේ නීති රීතිවලට පටහැනිව  සිය රජයේ  අමාත්‍යවරයෙකුට හෙලිකොප්ටරයක් පරිහරණයට දුන් බව කියන චෝදනාවකට ද ඇය වරදකාරිය කෙරිණ. 

එසේම තවදුරටත් ඇය විවිධ අපරාධමය වැරදි 14කට වරදකාරිය වී ඇති අතර කොවිඩ් ආරක්ෂණ නීති රීති උල්ලංඝණය කිරීම,වෝකී ටෝකී ආනයනය හා නිල රහස් පනත උල්ලංඝණය කිරීම ආදී චෝදනා ද  ඇයට විරුද්ධව එල්ල විය .

කෙසේ වෙතත් සුචී තමාට එල්ල වන මෙම සියලු  චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත්,මෙම මියන්මාර හිටපු පාලිකා අවුන්සාන් සුචීට එරෙහිව දියත් කෙරූ හමුදා පාලනය එරට බලය තහවුරු කර ගැන්මෙන් පසු සිවිල් ගම්මාන වෙත එල්ල කෙරූ ගුවන් ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර හේතුවෙන්  එරට නිරායුධ  සිවිල් වැසියන් 2600ක් පමණ මේවන විට ජීවිතක්ෂයට පත්ව තිබීම ඛේදනීය ඉරණමකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles