33 C
Colombo
Tuesday, January 27, 2026

සුනාමි අනතුරු අඟවයි – ජපානයේ ප්‍රබල භූකම්පනයක්

ජපානයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේනවා.

එය රික්ටර් මාපකයේ 7.6ක අගයකින් යුත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක් බව වාර්තා වනවා.

ජපානයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල භූමිකම්පාව ඇති වූ අතර, හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය අමෝරි ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 80ක් ඔබ්බෙන්, කිලෝමීටර 50ක් ගැඹුරින් සිදු වූ බව වාර්තා වන්නේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, ජපානයේ ඊසානදිග වෙරළ තීරයට මීටර් තුනක් උස සුනාමි රල ඇති විය හැකි බවයි.

https://web.facebook.com/LBCNewsSriLanka/posts/pfbid0FmfhoZqvgzAa8qtUkMEfqAViqqJwMDTHPQXVR4dfBkmRha1Q48rBsMX7SCPBcfHbl

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles