31 C
Colombo
Monday, April 28, 2025

නොහබිනා වැඩක් කරපු අශේන්ගේ ක්‍රිකට් නවතියිද..?

පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක අශේන් බණ්ඩාර සහ ඔහුගේ මස්සිනා පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඇප මත මුදා හැරුණා.
අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමේද ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කරන අතර ඔහු පොලිස් පරීක්ෂකවරයෙකු වනවා.
අශේන් බණ්ඩාර මෙලෙස පුද්ගලයෙකුට පහර දිමට උත්සහ කරන විඩියෝවයි මේ.
අශේන් බණ්ඩාරගේ වාහනය අසල නිවසට ගමන් කරන මාර්ගය අවහිර වනසේ නවතා තැබීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් ඇතිව පසුව ගැටුමක් දක්වා එය දුරදිග ගොස් තිබුණා.
සැකකාර ක්‍රිකට් ක්‍රීඩකයා සහ මස්සිනා පැමිණිලිකරුගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී පහරදීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඇප මත මුදාහැර සැකකරුවන් දෙදෙනාට හෙට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles