ගීත්මා බණ්ඩාර කියන්නේ ලොකු කුඩා කවුරුත් එකසේ ආදරය කරන සුන්දර යුවතියක්.
පුංචි තිරයේ ටෙලිනාට්‍යය අතරින් ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වු දෙරණ නාලිකාවේ විකාශනය වෙන ‘‘සංගීතේ’’ ටෙලිනාට්‍යය ඔස්සේ තමයි ගීත්මා අපි අතර එන්නේ.
මේදිනවල ‘‘සංගීතේ’’ ටෙලිනාට්‍යයේ Season 02 නැවතත් ආරම්භ වෙලා තියෙනවා.
ඉතින් අපි අද කතා කරන්නේ ගීත්මා බණ්ඩාරගේ අලුත් වැඩ කටයුතු ගැන..
සංගීතේ’’ටෙලිනාට්‍යයේ Season 02 ගැන කතා කරන්න ගීත්මා වැඩි කැමැත්තක් නොදැක්කුවේ කතාවේ තියෙන කුතුහලය නැතිවෙයි කියලා.
හැබැයි ගීත්මා මෙහෙම දෙයක් කිව්වා……
එදා මට අසේනි කියන ‘‘සංගීතේ’’ ප්‍රධාන නිළියගේ චරිතේ ලැබුණම හරිම සතුටු හිතුණා. ඒත් හිතුවේ නෑ ඒක ලොකුවට ජනප්‍රිය වෙයි කියලා. හැබැයි වාසනාවට වගේ ඒක ජනප්‍රිය වුණා. ‘‘සංගීතේ’’ පටන් අරගෙන දවසින් දෙකෙන් ප්‍රේක්ෂකයන් ටෙලිනාට්‍යය වැලඳගත්තා. ඉතින් ඒ නිසා අසේනිත් ජනප්‍රිය වුණා කියලා.
ගීත්මා රඟපාන එකට අම්මා මුලදි විරුද්ධවෙලා තියෙනවා පස්සේ ගීත්මට ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක දැන්නම් අම්මා තමයි වැඩියෙන්ම ගීත්මා රගපනවාට කැමති කියලා ඇය කිව්වේ.
ඔයාලා දන්නවාද ගීත්මා පොඩි කලේ ඉදලා හීන දැකලා තියෙන්නේ වෛද්‍යවරියක් වෙන්න අන්තිමට නිලයක් වෙලා තමයි එ ගමන නැතවතිලා තියෙන්නේ..
එක අතකින් නිලියක් වෙලා ජනතාවට වින්දනය දිලා මනස සුවපත් කරන එකත් වෛද්‍යවරියක් වගේ තමයි.
රගපානවා වගේම ගීත්මට හොදට චිත්‍ර අදින්නත් පුළුවන්ලු,පාසල් යන කාලේ චිත්‍ර තරග, නිවේදන තරගවලින් සමස්ත ලංකා මට්ටම දක්වාම ගිය කෙනෙක් තමයි ගීත්මා.
රඟපාන්න ගිහින් සිද්ධවුණු අමතක නොවන සිදුවීමක් තියෙනවාද කියලා අපි ඇහුවාම ගීත්මා කතාව කිව්වේ මෙහෙම…..
දවසක් ‘‘සංසාරිණී’’ ටෙලිනාට්‍යයේ රූගත කිරීමක් තිබුණා රේල්පාරක් ගාව. කැමරා තිබුණේ ගොඩාක් දුරින්. එතැනදි තිබුණේ පිරිමි කෙනෙක් මගේ බඩට පයින් ගහන දර්ශනයක්. ඒ ගහපු පාරට මං රේල්පාර අයිනට වැටුණා. දැන් මගෙයි රේල්පාරයි අතර පරතරය අඩියක් දෙකක් වගේ. ඒ අස්සෙම කෝච්චියක් ආවා. එකපාර මට නැගිටින්නත් බැරිවුණා. එදා අනූ නවයෙන් ජීවිතේ බේරුණා කියලා තමයි ගීත්මා කිව්වේ