23.9 C
Colombo
Wednesday, January 28, 2026

අගමැතිගේ සම්බන්ධතා නිළධාරියෙකුගේ බිරිදට පිහිපහරක්..

අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතාගේ මහජන සම්බන්දතා නිළධාරියෙක් වන බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී  සමිත කවිරත්න මහතාගේ  බිරිද පිහිපහර කිහිපයකට ලක්ව රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසනවා.

බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන කිරි අලෙවි සැලක් තුලදී පහරකැමට ලක්ව තිබෙනවා.

සිද්දිය සැලවූ සැනින් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් අගල් පහක් පමණ දිගැති පිහිය පොලිස් භාරයට ගැණුනා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයක්.

පහරකැමට ලක්වූ මන්ත්‍රී බිරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු සදහන්පැ කළා.

මෙම පහරදීමට හේතුව පෞද්ගලික ආරවුලක් බවයි පොලිසිය සැක පලකරන්නේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත ඇතුළු නිළධාරීන් වැටලීම සිදුකළා..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles