25 C
Colombo
Monday, November 25, 2024
spot_img

ඊලෝන් මස්ක්ගේ රොකට්ටුව දියත් කර මිනිත්තු කිහිපයකට පසු පුපුරා යයි – SpaceX Starship rocket explodes minutes after launch

Elon Musk ගේ SpaceX සමාගමේ දැවැන්ත නව රොකට්ටුව වන Starship එහි මංගල ගුවන් ගමනේදීම පුපුරා ගියා අතර ඉන් කිසිවෙකුට හානියක් සිදුවී නැහැ.

බ්‍රහස්පතින්දා උදෑසන ටෙක්සාස් හි නැගෙනහිර වෙරළ තීරයෙන් ඉහළට නැඟුණු කාර්ය මණ්ඩල රහිත මෙම පරීක්ශණ රොකට්ටුව පියාසැරියෙන් මිනිත්තු දෙක තුනකට පසු, රොකට්ටුව පාලනයෙන් ගිලිහී ගොස් අනතුරුව මෙලෙස පුපුරා යාම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඉලොන් මස්ක් පවසා ඇත්තේ තම සමාගම මාස කිහිපයකින් නැවත මේ සදහා උත්සාහ කරන බවයි.

Starship හරහා උද්යෝගිමත් පරීක්ෂණයක් දියත් කිරීම සම්බන්ධයෙන SpaceX කණ්ඩායමට සුබ පැතුම්! මාස කිහිපයකින් මීළඟ පරීක්ෂණ දියත් කිරීම සඳහා මින් බොහෝ දේ ඉගෙන ගත්තා, ”මස්ක් ට්වීට් සටහනක් තබමින් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් එක්සත් ජනපදයේ රොකට් දියත් කිරීම් සඳහා බලපත්‍ර ලබා දෙන ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය කියා සිටියේ තමන් මෙම අනපේක්ෂිත කඩාවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.

රොකට්ටුව ඉහළට ගමන් කරද්දී එහි පාමුල තිබූ එන්ජින් 33න් හයක් ක්‍රියා විරහිත වී හෝ ගිනිගෙන දැවී ගොස් ඇති බව මේ වන විට වාර්තා වනවා.

පියාසැරියෙන් මිනිත්තු තුනකට පසු රොකට්ටුවේ කොටස් දෙක වෙන් විය යුතු වුවත් , ඒවා සම්බන්ධ වී තිබු අතර ගමන් කලයුතු මාර්ගයෙන් ද ඉවතට පැන තිබුණා.

“මෙවැනි පරීක්ෂණයක් සමඟින්, සාර්ථකත්වය ලැබෙන්නේ අප ඉගෙන ගන්නා දෙයින්, අපි අද රොකට්ටුව සහ භූමි පද්ධති පිළිබඳව විශාල ප්‍රමාණයක් ඉගෙන ගත් අතර එය ස්ටාර්ෂිප් හි අනාගත ගුවන් ගමන් වැඩිදියුණු කිරීමට අපට උපකාරී වනු ඇත,” SpaceX එලෙස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

Starship යනු සම්පූර්ණයෙන්ම නැවත භාවිතා කළ හැකි පරිදි නිර්මාණය කල අභ්‍යවකාශ යානයක්.

රොකට්ටුවට පෘථිවි කක්ෂය, සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ රැගෙන යාමට හැකියාව ඇති බව මින් පෙර සදහන් වුණා.

NASA හි Artemis වැඩසටහනේ කොටසක් ලෙස සඳ සහ අඟහරු වෙත මගීන් රැගෙන යාම සඳහා Starship නිර්මාණය කර ඇති අතර අවසානයේ දී දිගුකාලීන, අන්තර් ග්‍රහලෝක ගුවන් ගමන් සඳහා පුද්ගලයින් 100 දෙනෙකු රැගෙන යනු ඇති බව නාසා වාර්තා වල සදහන්.

SpaceX’s Starship – මෙතෙක් නිපදවා ඇති විශාලතම සහ බලවත්ම රොකට්ටුව ලෙස සැලකෙනවා.

ස්ටාර්ෂිප් ව්‍යාපෘතියේ සම්පූර්ණ සංවර්ධන වියදම ඩොලර් බිලියන 2 ත් 10 ත් අතර වනු ඇතැයි මස්ක් කලින් ඇස්තමේන්තු කර තිබුණා.

SpaceX Starship යනු SpaceX විසින් සංවර්ධනය වෙමින් පවතින සම්පූර්ණයෙන්ම නැවත භාවිතා කළ හැකි සුපිරි බර-එසවුම් දියත් කිරීමේ රොකට්ටුවක් වන අතර මීටර් 120 (අඩි 390) උසින්, එය නිර්මාණය කර ඇත්තේ මෙතෙක් නිපදවා ඇති උසම සහ බලවත්ම දියත් කිරීමේ වාහනය ලෙසය.

Starship දියත් කිරීම සදහා ටොන් 1000ක් පමණ LNG ආකාරයෙන් මීතේන්, ඉන්ධන ලෙස භාවිතා කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles