25 C
Colombo
Wednesday, January 28, 2026

චන්දිමාල් ජයසිංහගේ අවුරුදු කුමරා කුමරිය තරගය පැවති රාජගිරිය තැප්‍රොපේන් උත්සව ශාලාවේ ගින්න

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක් වන තැප්‍රොපේන් උත්සව ශාලාවේ ඊයේ සවස අවුරුදු කුමරා කුමරිය තේරීමේ උත්සවයක් පැවැත්වුණා.

රාත්‍රී 12ට පමණ හදිසියේ හටගත් ගින්නේන් එම උත්සවශාලාව මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

ගින්නෙන් උත්සවයට සහභාගි වූ පිරිසට හානියක් නොමැති අතර ගින්න හටගත් වේලාවේ එම පිරිස කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ  නගර සභාවට අයත් ගිනි නිවන රථ 5ක් පමණ යෙදවු අතර ස්ථානීය පරීක්ෂණය සඳහා පොලිස් නිලධාරීන්ද පැමිණ සිටියා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර උත්සවයට  ආවරණ කටයුතු සඳහා පැමිණි පුද්ගලයන් කියා සිටියේ මෙම ගින්නට හේතුව වායු සමීකරණ යන්ත්‍රයෙන් හටගත් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles