28 C
Colombo
Wednesday, December 10, 2025

දෙහි බාලේගේ ලේ පිපාසය සන්සිදවු පසිඳු ආදරණීයයන්ගේ සෝසුසුම් මැද අවසන් ගමන් ගිය හැටි

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී වෙඩි තැබීමකින් මිය ගිය පසිඳු තාරුකගේ අවසන් කටයුතු අද දෙවිනුවර පොදු සුසාන භූමියේදී කෙරුණේ, ඥාතීන් සහ මිත්‍රයින්ගේ සෝ සුසුම් මධ්‍යයේයි.

වෙඩි වැදී මිය යනවිට පසිඳු තාරුකගේ වයස අවුරුදු 29ක්.

පසුගිය 21 වැනිදා රාත්‍රියේ මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසළදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යොමේෂ් නදීෂාන් හා පසිදු තාරුක නමැති තරුණයින් දෙදෙනා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා.

පසුව අනාවරණය වූයේ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ යොමේෂ් නදීශාන් නැමැත්තා බවයි.

ඒ යොමේෂ් නදීශාන්, විදේශ රටක සැඟව සිටින අපරාධකරුවෙකු වන දෙහි බාලේ මල්ලී නමැත්තාගේ සහෝදරයා සමඟ ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

යොමේෂ් නදීශාන් සමඟ යතුරුපැදියේ පසුපස ගමන් කර වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පසිඳු තාරුකට කිසිදු අපරාධ චෝදනාවක් තිබී නැහැ.

පසිඳුගේ පියා ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් නැවත පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් පසිඳුගේ අවසන් කටයුතු ප්‍රමාද කළ අතර, අද ඔහුගේ අවසන් කටයුතු කෙරුණේ, දෙවිනුවර පොදු සුසාන භූමියේදීයි.

ඒ, ඊයේ උදෑසන පසිඳුගේ පියා මුහුදු ගොස් පැමිණීමෙන් පසුවයි.

ඔහුගේ දේහය සුසාන භූමිය වෙත රැගෙන යන අතරතුරදී ඥාතීන් දේහය දෙවුන්දර නගර මධ්‍යයට රැගෙන ඒමට උත්සහ කළ අතර පොලිසිය ඊට අවසර දුන්නේ නැහැ.

දෙවුන්දර නගරයට පිවිසෙන මාර්ගය, මාර්ග බාධක යොදා අවහිර කර තිබූ අතර, දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

අනතුරුව ඥාතීන් පසිඳුගේ දේහය දෙවිනුවර පොදු සුසාන භූමියට රැගෙන ගොස් අවසන් කටයුතු කළේ, ඥාතීන් සහ මිතුරන්ගේ සෝ සුසුම් මැදයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles