28 C
Colombo
Wednesday, December 10, 2025

පෙම්වතියව පරලොව යැවූ කුරිරු පෙම්වතා

පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ කතාබස් කරමින් සිට 19 හැවිරිදි පෙම්වතිය සහ පෙම්වතා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට ගලකින් පහරදී තිබුණේ ඊයේ දිනයේදි.

පසුව පෙම්වතා විසින් බරපත තුවාල ලැබු පෙම්වතියව කඩිනමින් රෝහල් ගතකරන ලෙස ඔහුගේ මිතුරෙකුට දැනුම් දි තිබෙනවා.

එ අනුව 1990 සුවසැරිය ගෙන්වා අදාළ තරුණිය ඇතුලත් කර තිබුණේ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලටයි.

කෙසෙවෙතත් ප්‍රතිකාර ලබමින් සිටිය අතරතුර අද අලුයම අදාල තරුණිය මෙලොව හැර ගොස් තිබුණා.

පහරදීමෙන් මියගොස් ඇත්තේ පයාගල, පහළගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියක්.

මෙම තරුණ යුවළ කාලයක් පුරා මෙම සබඳතාව හේතුවෙන් නිරන්තරයෙන් ආරවුල් ඇති කරගෙන ඇති බවටයි වාර්තාවන්නේ.

එ අනුව කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ පයාගල පොලීසිය අපරාධ අංශ භාර නිලධාරීන්  පරීක්ෂණ ආරම්භ කළා.

පසුව පෙම්වතියගේ  හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගත්බව පයාගල පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 18 හැවිරිදි පයාගල, මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පෙම්වතා තම පෙම්වතියට පහර දුන්බවට පාපොච්චාරනය කර ඇති අතර  සිද්ධිය වූ ස්ථානයේ තිබී හිසට පහර දුන්නා යැයි සැලකෙන කුඩා ප්‍රමාණය කළු ගලක්ද පොලීසිය විසින් සොයා ගැණුනා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ පයාගල පොලීසිය අපරාධ අංශ භාර නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles