28 C
Colombo
Wednesday, December 10, 2025

භික්ෂුව අතවර කරන්න ඇවිත් ශිෂ්ණය කපා දැමු තරුණයා සියල්ල පාපොච්ඡාරණය කරයි

අනුරාධපුර, එප්පාවල පිහිටි අසපුවක වැඩසිටි හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කටුනායක ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සැකකරුගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරුවලට අනුවයි.

එලෙස අත්අඩංගුවට පත් වූ සැකකරු 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක විවිධ නඩු 13ක් පමණ ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ භික්ෂුව තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බවත් එම අවස්ථාවේදී උන්වහන්සේ ඝාතනය කළ බවත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබෙනවා.

ඝාතනය සිදුකිරීමෙන් පසුව අදාළ භික්ෂුවගේ දුරකතනයෙන් සිය මවට ඇමතුමක් ලබාදුන් සැකකරු පසුව විහරස්ථානයේ වූ ත්‍රිරෝද රථයෙන් එප්පාවල නගරයට ගොස් අනතුරුව කටුනායකට ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විහාරස්ථානයේ ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවද පොලිසිය සඳහන් කළා.

මේ අතර සැකකරුව අද දිනයේදී අදාළ අසපුව වෙත රැගෙන ආවා.

එහිදී ඔහු හිමිනම ඝාතනය සදහා යොදා ගත් පොල්ල පොලීසියට පෙන්වනු ලැබූ අතර විසි කරනලද උන්වහන්සේගේ ජංගම දුරකතනය ඇතුළු භාණ්ඩ කිහිපක්ද පෙන්වනු ලැබුවා.

ඔහු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරනු ලැබුවේ කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසූ පූජ්‍ය විලච්චියේ පේමරතන නම් 69 හැවිරිදි හිමිනමක්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස්මත ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles