27 C
Colombo
Wednesday, April 30, 2025

මදුරන්කුලිය ගම්මුන්ගේ ගැටුමක් පාලනයට පොලිසියෙන් අහසට වෙඩි

ගංවතුර බැස නොයාම හේතුවෙන් මදුරන්කුලිය, කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයේ ජනතාව එක්ව බැකෝ යන්ත්‍ර යොදා කානුවක් සකසා තිබෙනවා.

එහිදී වතු හිමිකරුවකුගේ සේවකයන් හා ගම්වාසින් අතර ඇතිවන්නට ගිය ගැටුමක් වැලැක්විමට මදුරන්කුලිය පොලිසියෙ නිළධාරීන් එහි පැමිණියා.

එහිදී පොලිසිය අහසට වෙඩි තැබිමට කටයුතු කිරීමත් සමග ගම්වාසින් හා පොලිසිය අතර උණුසුම්කාරි තත්වයක් හටගත්තා.

මහ වැසිත් සමග ඇතිවු ගංවතුර තත්ත්වය හේතුවෙන් කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ නිවාස යටවී ජලය බැස නොයාම ගැටලුවක්ව පැවතුණා.

මේ හේතුවෙන් ඉඩමක් මැදින් ජලය බැස යාමට තිබු පැරණි කානුවක් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කපමින් සිටියදී අදාල ඉඩමේ හිමිකරු ඔහුගේ සේවකයින් 20කට ආසන්න පිරිසක් ට්‍රැක්ටර් තුනකින් යකඩ පොලු,කැති,හා ලී මුගුරු සමග පැමිණ ගම්වාසින් එළවා දැමිමට කටයුතු කර තිබෙනවා.

එහිදී ගම්වාසීන් හා සේවකයන් අතර ඇති වන්නට ගිය ගැටුම වැලැක්වීම වෙනුවෙනුයි පොලිසිය අහසට වෙඩි තබා ඇත්තේ.

කෙසේ නමුත් කජුවත්ත හා පරිසාරිවත්ත ගම්වාසින් මෙම සිද්දියෙන් පසු පොලිසියට දොස් තබමින් අදාල ඉඩම් හිමියාගේ මුදල් රැගෙන පොලිසිය තමන්ට වෙඩි තැබිමට කටයුතු කළ බව පවසමින් ආවේගශීලි ලෙස හැසිරි තිබෙනවා.

මේ අතර ගම්වාසින් කලහාකාරි ලෙස හැසිරි ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි තැබීමෙ සිද්ධිය මුල් කරගනිමින් ජනතාව අතර ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට පුත්තලම පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මුන්දලම පොලිසියේ නිළධාරීන් පිරිසක් යොදවා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළා.

අදාල ගැටුමට සම්බන්ධ ඉඩම් හිමියාගේ ට්‍රැක්ටර් රථ තුනක් ගම්මුන්ට පහර දීම සඳහා රැගෙන ආ යකඩ බට,කැති,ලි මුගුරු සහ මෙම පහර දීමට පැමිණි බව කියන වතු සේවකයන් පිරිසක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය පියවර ගත්තා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles