26 C
Colombo
Monday, November 25, 2024
spot_img

වෛද්‍යවරිය ඝාතනයේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් හේලිවු තොරතුරු

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ කොල්කටා නුවර රෝහලක සේවය කළ තරුණ වෛද්‍යවරියක කෲර ලෙස දූෂණය කර මරා දමා තිබූණේ පසුගිය 9වනදායි.
එලෙස දූෂණය කර මරා දමා තිබුණේ කොල්කටා නගරයේ ආර්. ජී. කාර් වෛද්‍ය විද්‍යාල රෝහලේ සේවය කරමින් සිටි 31 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක්.
මෙම සිද්ධිය වීමට පෙර ඇය එක දිගට පැය 36ක කාලයක් සේවයේ නිරතව සිට තිබෙනවා.
එයින් දැඩි වෙහෙසට පත්ව සිටි වෛද්‍යවරිය මඳ නින්දක් ලබනු පිණිස වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවකට ගොස් තිබුණා.
එය, ඇය ජීවතුන් අතර සිටිනු දුටු අවසන් අවස්ථාව වුණා.
මෙම අපරාධය සිදුව තිබුණේ ඇය එහි තනිව සිටිය දී.


පසුදා උදෑසන මෙම සම්මන්ත්‍රණ ශාලාවට පැමිණි වෛද්‍ය සිසුන්ට එහි වේදිකාව මත මිය ගොස් සිටි වෛද්‍යවරියගේ අඩ නිරුවත් සිරුර දැක ගන්නට ලැබුණා.
ඇය මරණයට පත්කර තිබුණේ අලුයම 3ත් 5ත් අතර බවයි මෙවනවිට හෙළි ඇත්තේ.
එමෙන්ම ඇය දරුණු වධහිංසාවලට ලක්කර ඇති බව ද පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී හෙළි වී තිබෙනවා.
ඇයගේ ලිංගික අවයවවලට පවා දැඩි ලෙස තුවාල සිදු කර තිබු අතර මියගිය වෛද්‍යවරියගේ ඇස්වලින්, මුවෙන් සහ ලිංගික අවයවවලින් රුධිරය ගලා ගොස් තිබූ බව මරණ පරීක්‍ෂණයේ දී අනාවරණය වී ඇත්තේ.
මරණ පරීක්ෂණ වාර්තාව පිටු 4කින් යුක්ත අතර එහි දැක්වෙන්න් මෙම වෛද්‍යවරිය පසුගිය 9වනදා අලුයම 3ත් 5ත් අතර කාලය තුල දුෂණය කර ඝාතනය කර ඇති බවයි.
වෛද්‍යවරියගේ ගෙල ප්‍රදේශයේ තුවාල මෙන්ම ඇගේ රහස් ප්‍රදේශයේ ගැඹුරු තුවලයක් දක්නට ලැබෙන බවත් මරණ පරීක්ෂණය වාර් තාවේ දැක්වෙන්නේ.
ඝාතනයට ලක්වු වෛද්‍යවරියගේ උදර මුඛය ඇගිලි උරහිස් හා වම්පාදයේ විවිද තුවාල දක්නට ලැබි ඇති අතර ඇගේ මුහුණේ සිරිම් තුවාල රැසක් තිබු බවද මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන්.
එ අනුව වෛද්‍යවරුන් අනුමාන කරන්නේ කෑගැසිම වැලැක්විම සදහා මුඛය සහ උගුර නිතරම තදකර ඇති බවයි.
හුස්ම සිරවෙන ආකාරයට ගෙල සිරකර ඇති බවද මරණ පරීක්ෂණය වාර් තාවේ දැක්වෙනවා.
ගෙල සිරකිරිම හේතුවෙන් ඇයගේ තයිරොයිට් කාටලෙජයට දැඩි හානි සිදුව තිබෙනවා.
ඉතා අමානුෂික ආකාරයෙන් ඇයට පහර දී ඇති බවට අනාවරණය වි ඇති බවයි මරණ පරීක්ෂණය වාර් තාවේ දැක්වෙන්නේ.
ඝාතනයට ලක්වු වෛද්‍යවරියේ ඇස්වල දැඩි තුවාල දක්නට ලැබු බවද වාර්තා වනවා.
මරණ පරීක්ෂණය වාර් තාවේ දැක්වෙන්නේ ඇගේ ඇස් කාන්නාඩිවල තිබු කාච කැඩි ඇස් තුවා වි ඇති බවයි.
වෛද්‍යවරියගේ ශරීරයේ තිබි ශුක්ක්‍රාණු ග්‍රෑම් 152ක් පමණ හමුව තිබෙනවා.
වද්‍යෛවරුන් පවසන්නේ සමාන්‍ය පුද්ගලයෙකුට පිටවන ශුක්ක්‍රාණු ප්‍රමාණය ග්‍රෑම් 10ක් පමණ වන බවයි.
එ අනුව ඝාතනයට ලක්වු වෛද්‍යවරිය පුද්ගලයින් 8ක් හෝ 10යකු අතින දුෂණය කර ඇති බවයි සැකකෙරෙන්නේ.
එ අනුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවරදි සංජුයි රෝයි නම් පුද්ගලයෙක්.
අදාල සැකකරු කොල්කාටා පොලිසියේ සිවිල් ස්වේච්චා සේවකයෙක් බවටයි අනාවරනය වි ඇත්තේ.
ඔහු ආර්. ජී. කාර් වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ පොලිස් මුරපොලේ ස්තානගතව සිටඇකි බවටද අනාවරණය වි තිබෙනවා.
එ අනුව ඔහුට මෙම වෛද්‍ය විද්‍යාලයේ එහා මෙහා ගමන් කිරිම සඳහා කිසිදු බදාවක් නොතිබු බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍යවරිය ඝාතනය කර තිබු ගොඩනැගිල්ලට ඇතුල්වන අකාරය දැක්වෙන සිසිටිවි දර්ශන අනුවයි.
එමෙන්ම ඝාතනය ලක්වු වෛද්‍යවරියගේ මල සිරුර අසල තිබි ඊය බඩ්එකක්ද සොයගෙන ඇති අතර සිසිටිවි දර්ශන වලින් දැක්වුණේ මොහුද ඊයබඩ්එකක් සවිකරගෙන ගොඩනැගිල්ලට ඇතුල්වි ඇති බවයි.
එ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 25දෙනෙකු පමණ මෙවනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවක්ද වන අතර ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් වනවා.
එම වෛද්‍ය ශිෂ්‍යාවගේ පෙම්වතාද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරට අයත්.
මෙම වෛද්‍ය ශිෂ්‍යාව විසින් ඝාතනයට ලක්වු ව්‍යෛදය ශිෂ්‍යාව කෙටි නින්දක් ලබාගැනිම සඳහා ඝාතනයට ලක්වු ගොඩනැගිල්ලට රැගෙන ගොස් ඇතිබවයි විමර්ශනවලදි අනාවරය වි ඇත්තේ.
කෙසේ නමුත් මෙම අපරාධය පිටුපස වෙනත් රහසක් ඇතැයි යන සැකයක් ද ඇතැම් පාර්ශ්ව තුළ පවතින බවයි වාර්තා වන්නේ.
වෛද්‍යවරිය එදින රාත්‍රියේ ඉහත කී සම්මන්ත්‍රණ ශාලාව තුළ තනිව සිටින බව මෙම අපරාධය කළ අය දැන ගත්තේ කෙසේද?
වෛද්‍යවරියට මෙම අපරාධය සිදු කළේ ඇය කිසියම් රහසක් දැන සිටි නිසාත්, ඇය එය හෙළි කරනු ඇතැයි යම් පාර්ශ්වයක් බිය වූ නිසාත් විය හැකි බවට ද අදහස් පළවනවා.
ඇය මෙම ආයතනයේ නීති විරෝධී ඖෂධ ජාවාරමක් පිළිබඳව දැන සිටි බවටත්, එය හෙළිදරව් කිරීමට සූදානම්ව සිටි බවටත් කසුකුසුවක් ඇතැයි ද ඇය සමග සේවය කළ වෛද්‍යවරයකු ඉන්දීය මාධ්‍ය සමග පවසා තිබිණා.
වෛද්‍යවරිය සේවය කළ රෝහල පිහිටි බටහිර බෙංගාල ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර නොගන්නා බවට චෝදනා නැගුණු පසුබිම තුළ විමර්ශණ කටයුතු දැන් එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) යටතට පත්කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles