පොලොනරුව දිස්ත්‍රීක්කයට අයත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඇල්ලේ වැව ග්‍රාමසේවා වසමේ කුඹුරක මඩ වළක එරි සිටී වයස අවුරුදු හතළිහක් පමණ වූ වන අලියකු එරුණු මඩ වලෙන් ගොඩ ගැනීමට පිඹුරත්තෑව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන් සහ මගුල්දමන ගම්වාසීන් එකතුව විශාල පරිශ්‍රමයක් දැරුවා.
මාදුරුඔය රක්ෂිතයේ සිට ගම්වැදී ඇති මෙම වන අලියා කුඹුරක පිහිටි මඩ වලක එරී අනතුරට ලක්ව සිටියදී ඒ පිලිබදව ඇල්ලේ වැව ප්‍රදේශවාසීන් දැක ඒ පිලිබදව අරලගංවිල පිඹුරත්තෑව වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් දැනුවත් කර තිබුණා.
ඒ අනුව පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව දැඩි පරිශ්‍රමයක් දරා එම මඩ වලේ එරී සිටි වන අලියා ඉන් ගොඩට ගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරුණා.