30 C
Colombo
Wednesday, December 10, 2025

අග්බෝ ඇත්රජු සුවඳැල් වී රස වින්ද හැටි

ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ ආහාර අවශ්‍යතාව සපුරා ලිමට ගොවිමහතෙකු කටයුතු කරනු ලැබුවා.

මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා තමා විසින් මෙවර යල කන්නයේ වගා කළ සුවඳැල් වී ගොයම අක්කර කාලක කොටසක් කපා මෙලෙස අග්බෝ හස්තියාට ලබා දිම සිදු කළා.

තිරප්පනය, පුදුක්කුළම වැව් පිටියේදී මෙම  සුවදැල් වී සහිත ගොයම අග්බෝ හස්තියාට ලබා දීම සිදු කෙරුණා

සුවදැල් වී සහිත ගොයම ආහාරයට ලබා දීම ඇතාගේ පෝෂණයට ඉතා ගුණදායක බව වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියා.

ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබූ අග්බෝ ඇතාට පසුගිය ජුනි මස 12 වනදා සිට ආරම්භ කල ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබන අතර අවස්ථා කීපයක දී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය දැක්වුවා.

තිරප්පනය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය කාර්යමණ්ඩලයේද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මේ වන විට තරමක් සුවය ලබා ඇති බවයි දැක ගත හැකි වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles