28.4 C
Colombo
Tuesday, January 27, 2026

ආදර නඩුවක පැටලුන රංජන් මහනුවර අධිකරණයට

වරෙන්තු මත සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ දින මහනුවර අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා වරෙන්තුව යළි කැඳවා තිබෙනවා.

මහනුවර පාසලක ගුරුවරියකට විවාහ පොරොන්දු දී ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් යළි ලබා නොදීම සම්බන්ධයෙන් ගුරුවරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අදාළව රංජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා.

එම නඩුව පෙරේදා දින කැඳවූ අවස්ථාවේ චූදිත රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා වරෙන්තු නිකුත් කළා.

පෙර ඇප මත මුදා හරිනු ලැබූ රංජන් රාමනායක මහතාට යළි සැප්තැම්බර් මස 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මොහොමඩ් රාෆි මහතා නියෝග කළා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles