27.8 C
Colombo
Tuesday, March 17, 2026

ආසියානු කුසලානයේ මොකක්ද වුණේ?

ආසියානු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලේකම්වරයා විසින් ඩොලර් 50,000ක මුදලක් සහ තරගාවලියේ වීරයා ඔහුට ලැබුණු ත්‍යාග මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයන්ට ලබාදී ඇත්තේ මන්දැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.
ආසියානු කුසලාන තරගාවලියේ සැක සහිත තැන් ඇත්නම් ජනමාධ්‍ය විසින් ඒවා සෙවිය යුතු බවයි ඔහු සදහන් කළේ.
අපි ආසියානු කුසලානය දැක්කා…ක්‍රීඩකයන් අතින් වැරදි වෙන්න පුළුවන්…හැබැයි ක්‍රීඩකයෝ පහත් කරන්න නම් එපා…ක්‍රීඩකයෝ කියන්නේ මේ රටේ ඉන්න විශාලම වස්තුවක්…ඒ කාලේ හිටපු කණ්ඩායමට වඩා අද මේ ඉන්න කාණ්ඩායම දක්ෂයි.
නමුත් යම් ප්‍රශ්නයක් අපිට තියෙනවා. ගෙදර අම්මා තාත්තා හැදෙන විදියට තමයි දරුවෝ හැදෙන්නේ. අවාසනාවකට වගේ පරිපාලනයේ ඉන්න අය දැකලා ඒ හැදෙන විදියට තමයි ක්‍රීඩකයොත් හැදෙන්නේ.
දැන් දිගටම ක්‍රීඩකයන්ට බනිනවා. නායකයාට බනිනවා. ටොස් එකට බනිනවා. හැබැයි කවුරුත් තණතිල්ල හදපු අයට බනින්නෙත් නෑ.
තණතිල්ලේ වුණ දේවල් වලට බනින්නෙත් නෑ. නීති වෙනස් කළා කියලා මුකුත් කියන්නෙත් නෑ..හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles