31.7 C
Colombo
Tuesday, March 17, 2026

ඇමැති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට වෙච්ච දේ

විපක්ෂ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය යෝජනාව අද දින පාර්ලිමේන්තුවේදි පරාජයට පත්වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 73 විපක්ෂව ඡන්ද 113 ලැබී තිබුණා.

මේ අනුව වැඩි ඡන්ද 40කින් විශ්වාසභංගය යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.

දින තුනක් පුරා මෙම විවාදය පාර්ලිමේන්තුවේදි සාකච්ඡාවට බදුන්වුණා.

මෑත කාලයේ දිගින් දිගටම රෝහල්වල රෝගීන් මිය යාම හා බාල ඖෂධ භාවිතය හා එන්නත් නිසා ඇතිවන ආසාත්මිකතාවන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගුණු ගැටලු කාරි තත්වයන් නිසයි මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙන ආවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles