23.9 C
Colombo
Wednesday, January 28, 2026

උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබුවේ කවුද?

තික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණෙමින් සිටියදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයට හානි සිදුව ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නැහැ.

මේ අතර උද්දික ප්‍රේමරත්න මහතාගේ සුවදුක් විමසිමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පිරිසක් ඔහුගේ නිවසට පැමිණෙන අකාරයද දක්නට ලැබුණා.

ඊයේ රාත්‍රි 10.20ත් 10:30ත් අතර කාලය තුල මෙම වෙඩි තැබිම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල රථය නවතා නිවසට ඇතුළු වනවාත් සමඟම  වෙඩි ප්‍රහාරය සිදුව තිබෙනවා.

වෙඩික් කරුවන් විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර මෝටර් රථයේ පසුපස ආසනයේ සිටි අයෙකු ඉලක්ක කරමින් සිදු කර ඇත්ද යන්න සැක මතුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ ඉදිරිපස ගේට්ටුව ආවරණය වන පරිදී ආරක්ෂිත කැමරා ද්ව්ත්වයක් සවි කර තිබූවද ඒවා ක්‍රියා විරහිතව පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සිදුකරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles