28 C
Colombo
Wednesday, December 10, 2025

කිඹුලාවල Street Food වැහෙන ලකුණු

කිඹුලාවල Street Food ජංගම වෙළඳ හිමිකරුවන්ට මෙමස 8වන දාට පෙර එම ස්ථානයෙන් ඉවත් වෙන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය ලිපි මගින් දැනුම් දි ඇති බව වෙළඳසැල් හිමිකරුවන් පවසනවා.

වසර 4ක සිට තමන් කිසිදු ගැටළුවක් නොමැතිව අදාල ස්ථානයේ සිය ව්‍යාපාර කටයුතු සිදු කරමින් පවතින බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.

මිට පෙරද කිඹුලාවල Street Food ජංගම වෙළඳසැල් ඉවත් කර ගන්නා ලෙසට අවස්ථා කිහිපයකදි දැනුම් දි තිබුණ‍ෙ

මෙහිදි කිඹුලාවල ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ Street Food ජංගම වෙළඳසැල් හේතුවෙන් තමන්ටද විවිධ බාධා සිදුව ඇති බවයි.

එම බාධා ඉවත්කර දෙන ලෙස ඔවුහූ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ප්‍රදේශවාසීන් මුහුණ දෙන ගැටළුවලට මෙන්ම ජංගම වෙළදසැල් හිමියන් මුහුණ දෙන ගැටළුවලටද කඩිනමින් විසදුම් ලබා දෙන බවයි.

ජංගම වෙළඳාම සිදුවන ප්‍රදේශය පිරිසිදු කිරීම අනිවාර්ය බවත්, පිරිසිදු කිරීමේ වියදම් ඇතුළු සියළු වගකීම් අදාල වෙළඳ සංගමය දැරිය යුතු බවටත් මෙහිදී තීරණය කෙරුණා.අ

නාගරික සංවර්ධන අධිකාරිය සහ අදාල වෙළඳ සංගමය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබුණු අතර එය මාස තුනක කාලයකට ක්‍රියාත්මක වන බවත් එම කාලය තුළ අදාල අවබෝධතා ගිවිසුම උල්ලංගණය කළහොත් ඒ වෙනුවට විකල්ප ස්ථානයක් හඳුන්වා දීමටද පියවර ගැනිමට තීරණය කෙරුණා. කෙසේවෙත් ඔවුන් චෝදනා කර සිටින්නේ දැනට සිටින ජංගම වෙළඳුන් ඉවත් කර වෙනත් වෙළඳුන් එම ස්ථානයට යෙදිමට එක් පුද්ගලයෙක් කටයුතු කරමින් සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles