28 C
Colombo
Wednesday, December 10, 2025

කුඩු අංජූ ඩුබායි ඉඳන් තිබ්බ වෙඩිල්ල – ධනා අනූ නවයෙන් බෙරේයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන “කුඩු අංජු”, ප්‍රංශයේ පාතාලය හා ගනුදෙනු කරන්නටත් සුදානමක් පැවති බවට එරට බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන තිබු අතර කුඩු අංජු පොලිස් දැළට කොටු වන්නෙ ඔහුගේ බිරිඳ විසින් කළ පැමිණිල්ලක් නිසයි.

කුඩු අංජුගේ මෙරට අපරාධ ඉතිහාස කතාව සොයා බලද්දි, ඒ එක්ක ම කියැවෙන අනිත් නම ඇල්ටෝ ධර්මේ.

අංජු ගැන දැඩි කතාබහක් ඇති වෙන්නෙම ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වා ඝාතනය කිරීමත් සමඟ යි.

රංජන් ද සිල්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ අතර, ඔහුගේ වැඩිමහල් පුත්‍රයා නමින් සාවිත්‍ර යි.

2018 අවුරුද්දේ රංජන් සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වූවත්, සාවිත්‍ර දිවි බේරාගැනීමට සමත් වනවා.

එදින ධනංජය ද සිල්වා විදෙස් තරගයකට සහභාගී වී සිටි නිසාම ඔහු මෙම මාරකයෙන් ගැළවීමට සමත් වෙනවා.

මේ වන විට ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ සිටින අංජුව මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සෑම ලියවිල්ලක් ම ප්‍රංශයට යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

නුදුරේම දිනෙක “කුඩු අංජු” මෙරටට භාරදීමට පියවර ගනු ඇති බවයි, උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබුණේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles