28.4 C
Colombo
Tuesday, January 27, 2026

බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන ආ ගණේමුල්ල සංජීවට අධිකරණය තුළදී වෙඩි

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී එල්ල වූ වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර නැමැත්තා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

නීතිඥවරයෙකු ලෙස සැරසි පැමිණි පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු එම අවස්ථාවේ විත්ති කූඩුවේ සිට තිබෙනවා.

වෙඩිතැබීම සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමිකයේ තිබී සොයාගෙන ඇති බව සඳහන්.

සැකකරුට වෙඩි උණ්ඩ හයක් පමණ වැදී ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකරු ජාතික රෝහලේ වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා..

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles