28 C
Colombo
Wednesday, December 10, 2025

ශාන් පුතාව පවා දුන්නේ කවුද

ජනප්‍රිය රැප් ගායක, ශාන් පුතා නැමැත්තා, මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබුණේ, මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී.

හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ශාන් පුතාට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන, මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි, පොලිස් කොස්තාපල්වරයෙක් සහ, සැකකාර රැප් ගායක ශාන් පුතාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු, මෙහිදී අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා, මාතර කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී, මෙම ගිනි අවිය සොරාගෙනවිත්, ශාන්ත පුතාට ලබාදි තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා, කොටවිල පොලිස් වසමේ පිහිටි, මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ රාජකාරි කටයුත්තක් සදහා, ඔවුන්ට නිකුත් කර ඇති පිස්තෝල ලබා ගැනිමට ගිය අවස්ථාවේ, අදලා ගිනි අවිය සොරා ගෙන තිබුණේ, ජිව උණ්ඩ 10ක්ද සමගින්.

එම ස්ථානයේ cctv දර්ශණ පරීක්ෂා කිරිමේදි, එ බව තහවුරු වි තිබුණා.

අදාල පොලිස් කොස්තාපල්වරයා, ඇමති ආරක්ෂක ඒකකයේ සිට පැමිණ, මාසයක පමණ කාලයක සිට, කොටවිල මත්ද්‍රව්‍ය කාර්යංශයේ සේවය කර ඇති අතර, ඊට නුසුදුසු වීම හේතුවෙන්, ඔහු මන්නාරම කොට්ඨාශයට රාජකාරි සදහා ස්ථානමාරුකර තිබෙනවා.

ගිනි අවිය සොරාගැනිමේ සිදුවීම සම්බන්ධයෙන්, වැඩිදුරටත් සොයා බැලීමේදී, මන්නාරම කොට්ඨාශයේ නිලධාරීන් විසින්, සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන, ලබාගත් තොරතුරු අනුව, හෝමාගම පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර, ඒ අනුව අස්ථානගත අවිය සහ, එම උන්ඩ ශාන් පුතා සන්තකයේ තිබි සොයාගෙන තිබෙනවා. ශාන් පුතා සැකකාර නිලධාරියාගේ ළඟම ඥාතියකු බවයි වාර්තා වන්නේ..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles