30 C
Colombo
Wednesday, December 10, 2025

ජැක්සන්ගේ මරණය ගැන සැකසහිත ප්‍රකාශයක්

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතයි.

දේහය අද උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, “ජයරත්න Respect Home” හිදී තැන්පත් කර තිබෙනවා.

ඔක්තෝබර් 11 වන බදාදා සහ 12 වන බ්‍රහස්පතින්දා 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ජැක්සන් ඇන්තනී මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

අවසන් කටයුතු 12 වන බ්‍රහස්පතින්දා සවස 3ට ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිත බව ද ජැක්සන් ඇන්තනි මහතාගේ පවුලේ ඥාතීන් දැනුම් දෙනවා.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඊයේ(9) අලුයම අභවප්‍රාප්ත වී තිබුණා.

ජැක්සන් මහතාට අවසන් ගෞරව දැක්විමට කාලකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙවන විට පැමිණෙමින් සිටින අතර ඊයේ රාත්‍රියේද පිරිස් පැමිණියා.

එහිදි සෝමරත්න දිසානායක මහතා සදහන් කළේ ජැක්සෙන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවත් එ පිළිබවඳව වෛද්‍යවරුන් කරුණු පැහැදිලි කල යුතු බවයි.

1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මියයන විට 65 වන වියෙහි පසුවුා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles