31 C
Colombo
Tuesday, April 29, 2025

නළුවෙක් වගේ කඩවසම් සත්සරට වැලිකඩ පොලිස් භාරයේදී මොකක් උනාද?

වැලිකඩ පොලිසි ස්ථානයේ බාරව සිටියදී 26 වැනි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය දෙවනදයි.

සත්සර නිමේෂ් නම් එම තරුණයා මෝස්තර නිරෑපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කල අයෙක්.

බදුල්ලේ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි ඔහුට මාස කිහිපයකට පෙර නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක පුහුණුව සඳහා පැමිණ තිබූ අතර මව පැවසුවේ ඔහු පෙරේදා පස්වරුවේ නාවල ප්‍රදේශයෙ නව නේවාසික ස්ථානයක් සොයා ගොස් ඇති බවයි.

නමුත් පසුව තමන්ට පොලිස් නිලධාරීන් පිරිසක් හිරිහැර කරන බවට සියපුතුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබූ බව මම පැවසුවා.

තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ හිසේ සහ ශරීරයේ ස්ථාන රැසක තැලම් තුවාල තිබෙන බවයි.

එම තුවාල මරණයට හේතු වි ඇත්ද යන්න තහවුරු කර ගැනිම සඳහා මියගිය තරුණයාගේ ශරීර කොටස් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ පසුගිය පළමුවන දා නාවල ප්‍රදේශයේදී නිවසකට පුද්ගලයෙකු ඇතුල්වී ඇතිබවට ලද තොරතුරක් මත එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළ බවයි.

එහිදී එම පුද්ගලයා යම් මානසික ආබාධයක පෙළෙන බව නිරීක්ෂණය වූ නිසා ඔහුගේ ආරක්ෂාවට පොලිස් ස්ථානයට යොමු කළ බව එම නිවේදනය සඳහන්.

අනතුරුව ඔහු පොලිසි ස්ථානයේදීත් කලහකාරී ලෙස හැසිරෙමින් සිර මැදිරි බිත්තියේ සිය ශරීර කොටස් වද්දා ගනිමින් හැසිරී ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුව ඔහුව මුල්ලේරියාව මානසික රෝහල වෙත ඇතුලත් කළ බවත් පසුව ඔහු මිය ගිය බවත් පොලිසිය ආදාල නිවේදනය මගින් පෙන්වා දෙනවා.

ජිවිතක්ෂය පත්වු තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කළේ තවත් අභිරහස් මරණයක් ඉතිරි කරමින්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles