33 C
Colombo
Tuesday, January 27, 2026

බදුල්ලට දුම්රියෙන් යන සංචාරකයින්ට වෙන දේවල්

දෙස්විදෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකාර්ශනය දිනාගෙන ඇති සුවිශේෂි ස්තානයක් බවට බදුල්ල නගරය පත්ව අවසන්.

මෙරටට පැමිණෙන සංචාරකයින් බොහෝමයක් උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ දිවෙන දුම්රිය මගින් සිය ගමනාන්තය වෙත ගොස් මෙරට සිරි නැරඹිමට කටයුතු කරනවා.

එලෙස පැමිණෙන සංචාරකයින් බොහෝමයක් බදුල්ල සහ මහනුවර අතර දිවෙන දුම්රිය බාවිතා කලද මෙවනවිට ඔවුන්ගේ ගමන අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති අතර එහි ගමන් කිරිමේදි අපහසුතා ගොන්නකට මුහුණ දිමට ඔවුනට සිදුව තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුව වි ඇත්තේ බදුල්ල සහ මහනුවර අතර දිවෙන ඇතැම් දුම්රියන්හි මැදිරි දැඩි සේ අබලන්විමයි.

ඇතැම් දුම්රියතුල විදුලිපංකා ක්‍රියා නොවිම සහ භාවිතාකල නොහැකි වැසිකිලි පද්ධති පැවතිම හේතුවෙන් දෙස්විදෙස් සංචාරකයින් මුහුණ දෙන්නේ දැඩි අපහසුතාවයකටයි.

එමෙන්ම දුම්රිය මග දෙපස පවතින කැලෑ හේතුවෙන් දුම්රියේ ගමන් කරන මගින්ට අනතුරක් සිදුවිමට පවතින ඉඩකඩ බොහෝයි.

මේ පිළිබද අදාල බලධාරින් නොදැක්කා සේ මුනිවත රැකිම විශාල කෙදවාචකයක් සිදුවිමට ඉඩ නොවේද..?

මෙරට සංචාරක කාර්මාන්තය දියුණු කලයුුතුයැයි පුරසාරම් දොඩවමින් කලයුතු සුළුදේ හෝ නොකිරිම දියුණුව කෙසේවෙතත් මෙරටට පැමිණෙන සංචාරකයාද අපට අහිමිවනවාට කිසිදු සැකයක් නැහැ.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ආරක්ෂිත විනෝදකාමි සිත්ගන්නා සුළු වටපිටාවක් සකසමින් ඔවුන්ට යලිත් මෙරටට පැමිණිමට කැමැත්තක් ඇතිව අන්දමින් කටයුතු කිරිම බලධාරින්ගේම වගකිමක් බව එල්බිසී නිව්ස් අපේ විශ්වාසයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles