28 C
Colombo
Wednesday, December 10, 2025

මාලිගාකන්ද වෙඩි තැබීමකින් කුඩා දැරියක් මියයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ, මියගිය දරුවාගේ පියා වෙඩික්කරුගේ ඉලක්කය බවට පත්ව ඇති අතර ඔහු ඉකුත් වසරේ කොටහේන ප්‍රදේශයේ සිදුවු අපරාධ සිදුවීමක ප්‍රධාන සැකකරුවෙකු බවයි.

නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ යළි පිටව යමින් සිටිදි මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

අදාළ පුද්ගලයා පසුගිය වසරේ නොවැම්බර් මස කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතන  සිදුවීමේ සැකකරුවෙක්.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවාද ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අධිකරණය අසලදී ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි එම පිරිසට වෙඩි තබා පළාගොස් තිබුණා.

වෙඩික්කරු ගේ ඉලක්කය බවට පත්ව තිබූ පිරිමි පුද්ගලයා සහ ඔහුගේ වයස අවුරුදු 06ක පමණ ගැහැණු දරුවා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත් බරපතළ තත්ත්වයේ පසූවු කුඩා දරුවා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරම්භ කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles