27.2 C
Colombo
Wednesday, December 10, 2025

මුහුදේ අතරමංවු ධීවරයන් බෙරාගත් විශ්මිත මෙහෙයුම 

ඊයේ රාත්‍රී මුහුදු ගොස් එළන දැල් එකතු කිරීමට අද දින උදේ බලපිටිය හරස්පල ධීවර තොටුපොළින් ධීවර යාත්‍රා තුනක් මුහුදු ගොස් ඇති අතර ඉන් දෙකක් නැවත ගොඩබිමට පැමිණියද එක් යාත්‍රාවක් පැමිණ තිබුණේ නැහෑ.
ඒ අදාල ධීවර යාත්‍රාව අම්බලන්ගොඩ සහ බලපිටිය අතර මුහුදු තීරයේදී කාර්මික දෝෂයකට ලක්ව ක්‍රියා විරහිත විම හේතුවෙන්.
එම අවස්ථාවෙ ධීවර යාත්‍රාවේ ධීවරයන් තිදෙනෙකු සිට තිබෙනවා.
ගොඩබිමට පැමිණි ධීවර යාත්‍රා දෙකේ සිටි පිරිස් මේ සම්බන්ධව දැනුම් දීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වු බලධාරින් ධීවරයින්ගේ ජිවිත බේරා ගැනිම සඳහා යුහුසුළුව කටයුතු කරනු ලැබුවා.
එ අනුව ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ දැනුම් දිමට අනුව ක්‍රියාත්මක වු ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ අංක 4 බළඝණයට අයත් බෙල්412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අදාල ස්ථානයට පිටත් කරනු ලැබුවා.
ගුවන් හමුදා නිලධාරින් ධිවරයින් තිදෙනා නිරුපද්‍රිව බෙරාගෙන අම්බලන්ගොඩ පොලිස් ක්‍රීඩාංගනයට රැගෙන එමෙන් අනතුරුව ඔවුන් තිදෙනා බලපිටිය මුලික රෝහල වෙත රැගෙනගියේ මෙලෙසින්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles