30 C
Colombo
Wednesday, December 10, 2025

යළි උපන් බිමට යන ඇත් රජු මුතු රාජා

පරිත්‍යාගයක් ලෙස තායිලන්තයෙන් මෙරටට ලැබුණු “සක් සුරින්” හෙවත් මුතු රාජා හස්තියා ලබන ජුලි මස දෙවනදා යළි තායිලන්තයට රැගෙන යාමට නියමිතයි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයක් මගින් මෙම හස්තියා යළි රැගෙන යාමට නියමිත බවයි.

2001 වසරේදී මෙම සක් සුරීන් නමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණා.

එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කර තිබුණා.

අලුත්ගම කන්දෙ විහාරයේ රඳවා සිටි මෙම සක් සුරින් නැමැති හස්තියා තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබේනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී සත්වෝද්‍යානයට රැගෙන ආ සක්සුරින් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායමක් සහ ඇත් ගොව්වෙකු ලංකාවට පැමිණ සිටි අතර පසුගිය සතියේ ද තායිලන්තයේ පිරිසක් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මෙරටට පැමිණ තිබුණා.

සත්වෝද්‍යානයට රැගෙන එන අවස්ථාව වන විට එම හස්තියාගේ පාද දෙකක් තුවාල වී තිබූ අතර ඉදිරිපස පාදයක තවත් ආබාධයක් ද පැවති අතර මේ වන විට එම පාදයේ ආබාධය හැර සෙසු තුවාල සුව කිරීමට මෙරට පශු වෛද්‍ය කණ්ඩායම් සමත් වී ඇති බව එම දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles