කුරුණෑගල, මහව දියබැටේ කැළෑබද ප්‍රදේශයක දී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර පුලුස්සා දමා තිබිමේ සිදුවිමක් වර්තාවුණේ පසුගිය 26වනදායි.
එක්දරු පියෙකු වන කමල් සම්පත් නමැති 49 හැවිරිදි ව්‍යාපාරිකයෙක් මෙලෙස ඝාතනය කර තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 8ක් විමර්ශන ආරම්භ කළා.
කුරු¬ණෑ¬ගල නුවර ප්‍රධාන මාර්ගයේ මිල්ලව ප්‍රදේ¬ශයේ හෝටල් ව්‍යාපා¬ර¬යක් සමඟ බර¬වා-හන හා රථ¬වා¬හන අම¬තර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපා¬ර¬යක් ද පව¬ත්වා¬ගෙන ගිය කමල් කුරුප්පු පසුගිය 25වනදා නිවසින් පිටත්ව ගොස් තිබුණේ කොන්ඩය කපා ගැනිම සඳහායි.
එලෙස පවසමින් සිය මිල්ලව නිවසින් පිටත්ව ගිය කමල් නිවසට නොපැමිණිම හේතුවෙන් ඔහුගේ සොයුරෙකු ඒ පිළි¬බ¬ඳව දොර¬ටි¬යාව පොලී¬සි¬යට පැමි¬ණි¬ල්ලක් ද කර තිබුණා.
අන¬තු¬රුව ව්‍යාපා¬රි¬ක¬යාගේ බව කියන මදක් දැවී ගිය මළ සිරුර මහව පොලිස් බල ප්‍රදේ¬ශ-යට අයත් දිය¬බැටේ කැලෑ¬ව¬ක තිබූ ජීප් රථ¬යක තිබී සොයා¬ගැනිමට පොලිසියට හැකි වුණා.
පසුව පොලිස් කණ්ඩා¬යම් මේ ඝාත¬නය සම්බ¬න්ධ¬යෙන් තොර¬තුරු රැස්කිරිමට කටයුතු කල අතර ව්‍යාපාරිකයා අතු¬රු¬දන් වූ දිනයේ ඔහුගේ අව¬ශ්‍ය¬තා¬වක් සඳහා රන් භාණ්ඩ උක¬සට තබා ලබා¬ගත් ලක්ෂ විසිප¬හක පමණ මුදලක් ද ඔහු සතුව තිබු බව පොලිසිය තොරතුරු අනාවරණය කර ගනු ලබනවා.
මීට අම¬ත¬රව මේ ව්‍යාපා¬රි¬කයා නිත¬රම පැලඳ සිටි බව කියන වටිනා රන් මාල¬යක් සහ රන් බ්‍රෙස්ලට් එකක්ද මළ සිරු¬රෙන් අතු¬රු¬දන්ව තිබුණා.
එ අනුව පොලිසියට සැක මතුවුයේ ව්‍යාපාරිකයා සතුවු ලක්ෂ 25ක මුදල සහ රන් භාණ්ඩ ලබා ගැනිමට මෙම ඝාතන සිදු කර ඇති බවටයි.
ඝාත¬නය සම්බ¬න්ධ¬යෙන් සැක කරන පිරි¬සක් පිළි¬බ¬ඳ¬වත් පොලී¬සි¬යට තොර¬තුරු ලැබී තිබුණා.
ව්‍යාපා¬රි¬කයා රියැ¬දුරු අසුනේ සිටි¬ය¬දීම පිටු¬පස අසුනේ සිටි අයකු විසින් ඔහුගේ ගෙල වය¬ර-යක් වැනි දෙය¬කින් සිර කිරීම හේතු¬වෙන් හුස්ම සිරවී මර¬ණය සිදුව ඇති බවටයි පශ්චාත් මරණ පරී¬ක්ෂ¬ණ¬යේදී හෙළිවීමත් සමඟ පොලිසියේ විමර්ෂණ කඩිනම් කිරිමට නිලධාරනි කටයතු කරනු ලැබුවා.
අදාළ විමර්ශණවලදි පොලිසියට තවත් වැදගත් කාරණයක් තහවුරු කර ගැනිමට හැකිවනවා.
එනම් ව්‍යාපා¬රි¬කයා ඝාත¬නය කර රියැ¬දුරු අසුනේ සිටි¬ය¬දීම ඔහුගේ සිරු¬රට පෙට්‍රල් දමා ගිනි තබා විනාශ කිරී¬මට ඝාත¬ක¬යන් උත්සාහ දරා ඇතත් වීදුරු වසා අඟුළු දමා තිබූ ජීප් රිය ඇතු-ළත දහ¬න¬යට ප්‍රමා¬ණ¬වත් තරම් ඔක්සි¬ජන් නොති¬බීම හේතු¬වෙන් මළ¬සි¬රුර සම්පූ¬ර්ණ¬යෙන්ම ගිනි ගැනී¬ම¬කට ලක්ව නැති බවයි.
ඝාත¬ක¬යන් ව්‍යාපා¬රි¬කයා ඉතා හොඳින් හඳු¬නන පිරි¬සක් විය හැකි බවට ද පොලී¬සිය අනු¬මාන කරන්නේ ඔය අතර තුරයි.
එ අනුව ඝාතනයට සැකපිට උහුමිය ප්‍රදේශයේ වයස අවුරුදු 39යක පුද්ගලයෙකු අතුඅඩංගුවට ගන්නා අතර ඔහු ව්‍යාපාරිකයාටත් හෝටලයක මාස 5ක් පමණ කාලයක් සේවය කල අයෙක්.
පොලිසිය සිදුකල ප්‍රශ්න කිරිම්වලදි මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරු සියල් හෙලිකර තිබුණා.
මහව ප්‍රදේශයේ ඔහුගේ යාළුවෙකු සමග මෙම ඝාතනය සැලසුම් කල බවයි ඔහු පාපොච්චාරනය කර ඇත්තේ.
ව්‍යාපාරිකයා කොණ්ඩය කපා ගත් විගස ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ලබාදි නිවසක් සාදාගෙනයන පුද්ගලයෙකුට එම නිවස සෑදීම සඳහා උපදෙස් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා තිබෙනවා.
කොණ්ඩ කපන ස්ථානයේ සිට නුවර දෙසට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි එම ස්ථානයෙදි ව්‍යාපාරිකයා මොවුන් මුණගැසි තිබුණා.
ව්‍යාපාරිකයාගේ වාහනයට නැග ගත් මොහු පිටුපස අසුනේ සිට ව්‍යාපාරිකයාගේ බෙල්ලට කේබල් එකක් දමා බෙල්ල සිරකර එම ස්ථානයේම මරා දැමු බවයි සැකකරු පාපොච්චාරනය කර ඇත්තේ.
ඉන්පසු ඉඳුල් ගොඩකන්ද දෙසට ගමන් කර තැන්පාන ජලාශයට ආසන්නයට ගොස් වාහනය සහ පුද්ගලයා කැලෑ බද ප්‍රදේශයක සැඟවීමට උත්සාහකළද එම ස්ථානය පසුව වෙනස් කරන්නේ ඔහුගේ යාළුවාගේ යොජනාවකට අනුවයි.
එ අනුව ව්‍යාපාරිකයා සහ වාහනය මහව ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය වු ස්ථානයට ඝාතකයා රැගෙන ආ අතර ඔහු සියල්ල පාපොච්චාරනය කලේ මෙලෙසින්.
ව්‍යාපාරිකයාගෙන් ලබා ගත් රන්බන්ඩ උකස්කර ගත් මුදල් වලින් ඇපල් වර්ගයේ දුරකථනයක් සහ ගම්පහ ප්‍රදේශයේ ලැගුම් හලක කාන්තාවක් සමග මත්පැන් පානය කරමින් විනෝද වු බවත් ඝාතකයා පවසා තිබෙනවා.