26.7 C
Colombo
Wednesday, December 10, 2025

රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබෙනවා

පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි.

අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබෙනවා

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළු කෙරිණා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසුවා

කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී අද පාන්දර 2ට පමණ එම අනතුර සිදුව තිබුණා

එහිදී මියගොස් සිටි ආරක්ෂක නිලධාරියා, ජයකොඩි නම් පොලිස් කොස්තාපල්වරයෙක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles