32.8 C
Colombo
Tuesday, March 17, 2026

කොටහේන වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්.

තුවාලකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර ඔහු ශෂී කුමාර් නැමැත්ති වයස අවුරුදු 37ක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවිය ද පොලිස් භාරයට ගෙන ගැණුනා.

වෙඩි තැඹිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles