28.4 C
Colombo
Tuesday, January 27, 2026

2024 වසරේ දී, සඳට යන ගගනගාමීන් සිව්දෙනා මෙන්න

2024 වසරේ දී, සඳට යන ගගනගාමීන් සිව්දෙනා ලොවට හඳුන්වා දීමට නාසා ආයතනය පසුගියදා පියවර ගත්තා.
ඒ අනුව අදාළ හෙමෙයුම නම් කර තිබෙන්නේ ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම ලෙසයි.
මෙම මෙහෙයුමට කාන්තා ගගනගාමියෙක්, කළු ජාතික ගගනගාමියෙක් සහ කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන කැනඩා ජාතික ගගනගාමියෙක් ද එක්ව සිටීම විශේෂත්වයක්.
රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන් එම ගගනගාමීන් වනවා.
ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් එහි කාන්තා නියෝජනයයි.
වික්ටර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරන අතර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගගනගාමියා වන්නේ ද මොහුයි.
සඳ ගවේෂණය, සඳේ ජනාවාස පිහිටුවීම ඇතුළු අරමුණු රැසක් මෙම මෙහෙය්ම හා එක්බදධ වී තිබෙනවා.
ගගනගාමීන් සඳට ගෙන යෑම සහ ආපසු ගෙන්වා ගැනීම සිදු කරන්නේ ‘ඔරායන්’ නමැති චන්ද්‍ර යානයෙන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles