28.4 C
Colombo
Tuesday, January 27, 2026

බිමතින් පැමිණි 30හැවිරිදි මුණුබුරා මිත්තනියට හදිකරයි

75  හැවිරිදි  සිය මිත්තනියට හදිකලේයැයි සැකපිට  30 හැවිරිදි ඇගේ මුණුබුරෙක් පසුගිය 12දා පොලිස් අත්අඩංගුට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

මේම අවාසනාවන්ත පුවත වාර්තාවන්නේ බදුල්ල කහටරුප්ප ප්‍රදේශයෙන්.

පසුගිය පොසොන් පෝයදා රාත්‍රියේ අධික බිමතින් සැකකාර මුණුබුරා  මිත්තනියගේ නිවසට පැමිණ තිබුණා.

මිත්තනියත් ඇගේ සැමියත් පමණක් එම අවස්ථාවේ නිවසේ සිට ඇති අතර සැමියා ඔත්පලව සිටි අයෙක්.

අධික බිමතින් පැමිණි සැකකාර මුණුබුරා මිත්තනිය සිටි කාමරයේ සිට වෙනත් කාමරයකට ඇදගෙන ගොස් ඇය හදිකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වි ඇත්තේ.

පසුව මිත්තනියගේ විලාපය ඇසි අවට සිටින පිරිස් පැමිණෙන විට සැකකාර තරුණයා වෙරි මතේ කාමරයේ වැටිසිට තිබෙනවා.

අනතුරුව අවට පිරිස් එක්ව සැකකාර මදන තරුණයාගේ නිවසට ඔහුව භාරදි ඇති අතර මිත්තනිය මුලදි මේ පිළිබදව පැමිණිලි කර නැහැ.

කෙසෙවෙතත් පසුව කහටරුප්ප පොලිසියට පැමිණි මිත්තනිය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

පසුව අදාල පැමිණිල්ලට අනුව සැකකාර මදන මුණුබුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මිත්තනිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කහටරුප්ප පොලිසිය විමර්ශණ සිදුකරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles