28 C
Colombo
Wednesday, December 10, 2025

6වන වරටත් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

2023 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකරගන්නේ 6 වන වරටයි.

මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගෙන තිබෙනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 4ක් පමණක් දැවී පසුකර ගියා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ශතකයක් රැස්කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ගියා.

පන්දු 120කදී ලකුණු 137ක් රැස්කළ ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 15ක් ඇතුළත් වුණා.

අනෙක් අන්තයෙන් ඔහුට අගනා සහයක් ලබාදුන් මානස් ලබුශේන් පන්දු 110කදී ආරක්ෂාකාරී ඉනිමක් ගොඩනගමින් ලකුණු 58ක් රැස්කරගත්තා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත් වුණා.

ඒ අනුව මෙවර ලෝක කුසලානය කඩුලු 6කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 43කට කඩුලු 2ක් දවාගත්තා.

මොහොමඩ් ෂමී සහ මොහොමඩ් සිරාජ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 240ක් රැස්කර ගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කේ එල් රාහුල් පන්දු 107කදී එක් හතරේ පහරක් පමණක් එල්ලකරමින් ආරක්‍ෂිත ඉනිමක් දියත් කරමින් ලකුණු 66ක් රැස්කරගත්තා.

පන්දු 63කදී හතරේ පහර 4ක් සමග විරාත් කෝලි ලකුණු 54ක් රැස්කළා.

නායක රෝහිත් ශර්මා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 47ක් රැස්කරගත්තා.

ඉන්දීය පිතිකරුවන්ට පහසුවෙන් ලකුණු අතරට පිවිසීමට ඉඩ නොදුන් ඔස්ට්‍රේලියා පන්දු යැවීමේ බලඇණිය විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවුණා.

එහිදී අගනා පන්දුයැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් පන්දුවාර 10ක් යොමුකරමින් කඩුලු 3ක් දවාගත්තා.

පැට් කමින්ස් පන්දුවාර 10කදී ලකුණු 34ක් යොමුකරමින් කඩුලු 2ක් දවාගත්තා.

ජොෂ් හෙස්ල්වුඩ් පන්දුවාර 10ක් යොමුකරමින් ලකුණු 60කට කඩුලු 2ක් දවාගත්තා.

මැක්ස්වෙල් සහ ඇඩම් සම්පා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles