26.7 C
Colombo
Wednesday, December 10, 2025

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ගෝලීය නව ආර්ථිකයට සරිලන පරිදි ශ්‍රී ලංකාව තුළ නැවුම් ආර්ථික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීම රට විකිණීම හෝ, එලෙස ප්‍රතිපත්ති බලගැන්වීම වරදක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියේ, දරිද්‍රතාවෙන් පෙළෙන දුගී ජන කොටස් නගා සිටුවමින්, ඔවුන් සඳහා ද සුඛිත මුදිත රාජ්‍යය අර්ථ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ වරද කොතනද යන වගයි.

2022 වර්ෂයේ දී ඇද වැටුණු මෙරට ආර්ථිකය යළිත් පණ ගැන්වීමට අකමැත්තෙන් හෝ ජනප්‍රිය නොවන, එහෙත් දීර්ඝ කාලීන යහපත් ආර්ථික ප්‍රතිඵල ලැබෙන ඇතැම් තීන්දු තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ වාසිය මත මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් මට්ටමකට සරු වී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියා

එම ආර්ථික තීන්දු සමහර අවස්ථාවල දී වේදනාත්මක මෙන්ම දරා ගැනීමට අසීරු වුව ද, ඒවා රට වෙනුවෙන් දරාගත් සියලුම ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ ස්තුතිය සහ ගෞරවය පිරිනැමීමට ද ජනාධිපතිවරයා කටයුතු කළා.

රටේ ආර්ථිකය බිඳ වැටුණු මොහොතක රට භාරගත් බවත්, ආර්ථිකය හැසිරවීමේ සහ එහි සැබෑ චිත්‍රය ජනගත කිරීමට අවශ්‍ය වූ බවත්, එය වරින්වර තමන් ඉටු කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින්….

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles