26.7 C
Colombo
Wednesday, December 10, 2025

දෙමටගොඩ රුවන් ඝාතන තැතක් වැලකේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සහෝදරයාවන අපරාධ රැසකට සම්බන්ධ දෙමටගොඩ රුවන් ඝාතනය කිරිමේ සැලසුම ව්‍යවර්තවි තිබුණා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සහෝදරයාවන දෙමටගොඩ රුවන් ඉලක්කර වෙඩි තැඹිමක් සිදු කර තිබුණා.

කෙසෙවෙත් නිසි ඉලක්කය ගැනිමට වෙඩිකරුවන්ට හැකියාව ලැබි නැහැ

ඒ දෙමටගොඩ රුවන් නමැත්තා නිතර පැමිණෙන මෙම සමාජ ශාලාවට එදින ඔහුට පැමිණීමට මදක් ප්‍රමාදවීම හේතුවෙන්.

දෙමටගොඩ රුවන් පැමිණ ඇත්දැයි බැලීම සඳහා වෙඩික්කරු සමාජ ශාලාවට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී එහි මුරකරු හා වෙඩික්කරු අතර බහින්බස්වීමක්ද සිදුව තිබෙනවා.

එම අවස්ථාවේදී වෙඩික්කරු ගිනිඅවිය එම ස්ථානයේ දමා පැදිකරු සමඟ පලාගොස් ඇත්තේ යතුරුපැදිය ද එම ස්ථානයේම තිබියදීයි.

අදාළ ටී56 ගිනි අවිය සහ යතුරුපැදිය පොලිස් භාරයටගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ප්‍රමුඛ එම කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles