23.9 C
Colombo
Wednesday, January 28, 2026

වන අලියාට ලැබුණු වාසනාව

හබරණ දෙස සිට පොළොන්නරුව දෙසට වී මිටී දෙසියකට වඩ පටවා ගත් ලොරි රථයකින් වි මිටී 20ක් පමණ හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය යුධ හමුදා කදවුර ඉදිපිට ප්‍රදේශයේදී මාර්ගයට වැටි තිබෙනවා.

මෙම ප්‍රදේශයේ සිටින වන අලින් කිහිප දෙනෙක් මින්නේරිය යුධහමුදා කදවුරේ ඉවත ලන ආහාර කෑමට පුරුදු වී සිටින අතර රාත්‍රි කාලයේ යුධ හමුදා කඳවුරට ගෝස් ආහාර ලබාගෙන නැවත කැලයට යාමට මෙම අලින් පුරුදු වී සිටිනවා.

එසේ ආහාර ලබාගෙන පැමිණෙන වන අලියෙකුට තමයි මෙම වැටුණු වී ආහාරයට ගැනිමේ දුර්ලභ අවස්ථාව උදා වි ඇත්තේ.

මිනිසුන් වන අලියාව පලවා හැරිමට උත්සහ කලත් එය නොතකා වන අලියා මාර්ගයේ වැටුන වී ආහාරයට ගන්නා අයුරු දක්නට ලැබුණා.

මෙම වන අලියාගෙන් කිසිවෙකුටත් හිරිහැරයක් නොවු අතර අලියාගේ හැසිරිම සැමටම පුදුම සහගත වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles