32.2 C
Colombo
Tuesday, January 27, 2026

ICC ලොක්කෝ ශම්මි එක්ක ගත්ත තීරණ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය ඊයේ (21) තීරණය කර තිබේනවා.

එලෙස සාමාජිකත්වය අහෝසි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර හිමිවනවා.

කෙසේවෙතත් 2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට නොපවත්වා දකුණු අප්‍රිකාවේ පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඉන්දියාවේ අහමදාබාද්හි පැවති ICC මහා සභා රැස්වීමට සහභාගි වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවකින් පසු ICC අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව එම කවුන්සිලය නිවේදනය කළා.

කෙසේවෙතත් ජාත්‍යන්තර සාමාජිකත්වය අහෝසි වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර හිමිවනවා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යාම සඳහා පාලනයකට යටත්ව අරමුදල් ලබාදීමට ද එහිදී තීරණය වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles