28.4 C
Colombo
Tuesday, January 27, 2026

The world’s awaited coronation of King Charles III || තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග රාජ්‍යත්වයට පත්වූ තෙවන චාල්ස් රජු සහ රජ මෙහෙසිය කැමිලාගේ රාජාභිෂේක මංගල්‍යය එංගලන්තයේ ලන්ඩන් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

ඒ ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදීය.

මෙහිදී බ්‍රිතාන්‍යයේ නව රැජින ලෙස අභිෂේක ලැබුවේ,ඩයනා කුමරියගේ දික්කසාදයෙන් පසු චාල්ස් කුමරු විවාහ කරගත් කැමිලා බෝල්ස් පාකර් ය.

වසර 70 කට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පළමු රාජාභිෂේකය වන මෙය වසර 1,000ක පැරැණි චාරිත්‍ර විධි අනුගමනය කිරීම විශේෂත්වයක්. 

III චාල්ස් රජුගේ රාජාභිෂේක සැමරුම් විධිමත්ව ආරම්භ වුණේ බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ගමන් කරනා පෙරහැරකින්.

මෙම අවස්ථාව දැකගැනීමට වැසි සහිත කාලගුණික තත්ත්වයක් සම්බන්ධයෙන් පැවැති පුරෝකතනය පවා නොතකමින් දහස් සංඛ්‍යාත පිරිසක් ලන්ඩන් හි ‘ද මෝල් ‘ මාර්ගය දෙපස රැස්වී සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles