30 C
Colombo
Wednesday, December 10, 2025

මුලතිව් ලිදකින් භූමිතෙල් මතුවෙයි

මෙලෙස භූමිතෙල් හමුවු ලිද පිහිටා ඇත්තේ මුලතිව් වොඩියාර්කට්ටු කුරුවි ගම්මානයේන්.

ඉඩම් හිමියා සිය ගෙවත්තේ පිහිටි ළිඳ සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කිරීමෙන් පසුව ළිඳට අලුතින් එකතු වෙන ජලය තෙල් වැනි යමක් මිශ්‍රවි ඇතිබව දැක තිබෙනවා.

පසුව ඉඩම් හිමියා ලිදේ ජලය ගෙන පරීක්ෂාකිරිමේදි හදුනාගෙන ඇත්තේ ලිද තුල ජලය වෙනුවට භුමිතෙල් උණන බවයි.

එය තහවුරු කරගැනිම සඳහා ලිදෙන් ලබාගත් ජලයෙන් කඩදාසි,කොළ පොඟවා ගින්නට ළං කළ විට ඉතා ක්ෂණිකව ගිනි ගන්නා අයුරුද නිරික්ෂනය වි තිබෙනවා.

මේ හේතුවෙන් ඉඩම් හිමියා මේ පිළිබඳව ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය දැනුවත් කිරිමට කටයුතු කරලා.

පොලිසියේ නිලධාරීන් එහි ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කොට ඇතත් ළිඳේ ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන ක්‍රමය පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිසිය විශ්වාස කරන්නේ කිසියම් ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ටැංකියකින් සිදුවන කාන්දුවක් නිසා මෙම ළිඳට භූමිතෙල් ළඟා වන බවයි.

නමුත් මෙතන ගැටළුවක්ව පවතින්නේ එලෙස ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ටැංකියකින් සිදුවන කාන්දුවක් හේතුවෙන් මෙම ලිදට පමණක් භූමිතෙල් ඉනිමයි

මේ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයාව දැනුවත් කොට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ළිඳෙන් ජලය හෝ භූමිතෙල් ලබා ගැනීම අනතුරුදායක නිසා ඒවා ලබා ගැනීම තාවකාලිකව තහනම් කොට තිබෙනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles