28 C
Colombo
Wednesday, December 10, 2025

පස්දෙනෙකුගේ දිවි ගලවාගත් “චූටි මල්ලිගේ”ඉව

මේ ඉන්නේ අපේ කතාවේ නායකයා..

මේයාගේ නම තමයි චුටි මල්ලි..

චුටි මල්ලි කියලා ආදරය කිව්වට මේයා කරලා තියෙන්නේ ලෙසි පහසු වැඩක් නෙමෙයි.

මේ පුවත අපට වාර්තාවෙන්නේ දොඩංගොඩ වත්තෙ ගෙදර ප්‍රදේශයේන්

අළුයම් කාලයේදී ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග ඇතිවූ  සුලං තත්වයත් හේතුවෙන් මෙම නිවස මතට දෙල් ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන්  නිවස සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ නිවස තුල පුද්ගලයින් 5දෙනෙකු සිට තිබෙනවා. නිවසට මෙච්චර අනතුරක් වෙලත් ගෙදර හිටිය කාටවත් සිරිමක්වත් වෙලා නැහැ.

එකට හේතුව තමයි මේ චුටි මල්ලි..

අලුයම 2ට පමණ නිවෙස් හිමියා නිදා සිටි කාමරයේ ඇඳ ළඟට පැමිණ මදුරු දැල කටින් ඉරාදමා නිවෙස් හිමියාගේ  සරමෙන් ඇද ඔහු නැගිට්ටවා නිවසේ ඉදිරිපස බිරිඳ සහ දරුවන් නිදා සිටි කාමරය දෙසට සරමෙන් ඇදගෙනම කැඳවාගෙන ගියා කියලා තමයි නිවෙස් හිමියි අපිත් එක්ක කිව්වේ.

ඊට සුළු මොහොතකට පසු දෙල් ගසේ අත්ත නිවසේ වහලයට කඩාවැටී මුළුතැන් ගෙය කොටසේ බිත්ති ඇඳ මතට කඩා වැටී තිබෙනවා.

ඒ මොහොත වන විටත් සියලු දෙනාම චුටි මල්ලිගේ හැසිරීම හේතුවෙන් අවදිවී වෙලා නිවසෙන් පිටතට ඇවිල්ලා තමයි ඉදලා තියෙන්නේ.

චුටියට හිටියා මේයා කරපු මේ ලොකු වැඩෙන් ජිවත 5ක් තවමත් ජිවත් වෙනවා. මේ කරගත්ත කුසලයෙන් චුටි මල්ලි ඔබට මේ සසර දුකින් මිදිමට හේතුවෙවායි පතන්නම්..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles