28 C
Colombo
Wednesday, December 10, 2025

බොල්ගොඩ ගඟේ හමුවු උපකාරක පන්ති පංති ගුරුවරයාගේ මළ සිරුර

කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකුගේ සිරුරක් බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර පරත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු එම ප්‍රදේශයේ ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු ඊයේ සිය නිවසින් අතුරුදන්ව ඇති අතර අද උදෑසන ඔහුගේ සිරුර පානදුර මඩකිස්ස පාරේ බොල්ගොඩ ගඟේ ඉවුරේ පාවෙමින් තිබියදී සොයා ගැණුනා.

මෙම ගුරුවරයා පසුගිය දිනවල දැඩි කතාබහකට ලක්වූ නීතිවිරෝධී පිරමීඩ ජාවාරමක විශාල මුදලක් ආයෝජනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එසේම ඔහු නිවසින් පිටවනවිට රැගෙන ආ ගමන් මල්ල වෙනත් ස්ථානයක තිබී සොයාගෙන ඇති අතර පානදුර උතුර පොලීසිය ගුරුවරයාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles