27.2 C
Colombo
Wednesday, January 28, 2026

මහ වැසි නොතකා ජැක්සන්ට අවසන් ගෞරව දැක්විමට ගැලු ජන ගඟ

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විමට ඊයේ (10) දිනය පුරාවට දේශපලකයින් කලාකරුවන් ඇතුළු ජනතාව විශාල පිරිසක් පැමිණියා.

කොළඹ ප්‍රදේශයට රාත්‍රි කාලයේ පැවති අදික වැසි නොතකමින් ජනතාව මෙලෙස පැමිණිම විශේෂත්වයක්.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර  තිබූණා.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වුණා. ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද (11) සහ හෙට දෙදින ඔහුගේ නිවසෙහි තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 3ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles