25 C
Colombo
Monday, November 25, 2024
spot_img

මැයි රැලියට නොගිය ජනපති 2048 ගැන සිතන්නැයි ඉල්ලයි

මේ වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවිම සඳහා සියලු පාර්ශවවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ, සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට zoom ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලුදෙනාට පිළිගත හැකි විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බවයි. තමා රට භාරගත්තේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකි බවට වන විශ්වාසය මත බව ද ජනාධිපතිවරයා කියනවා.

රට තුළ දේශපාලන ස්ථාවරත්වය ද මේ වන විට ගොඩනඟා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වූ සියලුදෙනාට ස්තූතිය පළකළා.

නිදහසින් වසර සියයක් සපිරෙන 2048 වන විට, ඉන්දියාව 2047දීත්, චීනය 2049දීත් සපුරා ගැනීමට අපේක්ෂා කරන අන්දමේ සංවර්ධිත ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය විය යුතු බවයි ජනාධිපතිවරයා කියන්නේ. 2048 වසරේ දී ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර වන අතර මේ රට ගොඩනගන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත තරුණ පරපුරට සහ දරුවන්ට බවත් ඔහු සඳහන් කළා. තම උත්සාහය වන්නේ දේශපාලනය නොව රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කර පුරවැසියන් මත පැටවී ඇති බර අඩු කිරීම බව පැවසු ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට තමාට ශක්තියක් ඇති බව කියනවා.

ඒ සඳහා අමාත්‍යවරුන් සමඟ කටයුතු කිරීමට හැකියාව ඇති බවට තිබු විශ්වාසය හේතුවෙන් තමා ජනාධිපති ධුරයේ වගකීම භාරගත් බවයි එජාප මැයි දිනයට පවසා තිබුණේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles