28 C
Colombo
Wednesday, December 10, 2025

නාරාහේන්පිට ඝාතන නඩුවේ තීන්දුව හය දෙනෙකුට මරණ දඬුවම

2016 වසරේ නාරාහේන්පිට  ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළා. 

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. 

2016 වසරේ ජූලි මස 20 වනදා නාරාහේන්පිට උද්‍යාන පාර ප්‍රදේශයේ පැවැති  අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් මංජුල මහේෂ් ජයතිලක නමැත්තාගේ මරණය සිදුකොට තවත් පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුනා. 

නඩු විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විත්තිකරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබුණා. 

දීර්ඝ විභාගයකින් අනතුරුව විනිසුරුවරයා ප්‍රකාශ කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි. 

ඒ අනුව මෙම දඩුවම නියම කරන බවත් විනිසුරුවරයා එහිදී සඳහන් කළා.  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles