30 C
Colombo
Wednesday, December 10, 2025

උද්දික ප්‍රහාරය ගැන කතාකරයිවෙඩි තැබුවේ කුමන පාර්ශවයෙන්ද

තමාගේ වාහනයට වෙඩි තබනු ලැබුවේ පවතින ක්‍රමය විසින් බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද පවසා සිටියා.

 පවතින දේශපාලන ක්‍රමය වැරදි බවත් ශ්‍රී ලංකාව මේ තත්වයට ඇද වැටී ඇත්තේ ඒ නිසා බවත් ඔහු සඳහන් කළා.

මගේ වාහනයට 17 වැනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් සිදුවුණා. සිද්ධිය ගැන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණයක් කරගෙන යනවා.

මේ සිද්ධියෙන් පසු මා ගැන සොයා බලපු සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

මේක කළේ කවුද කියන එකට වඩා මට කියන්න තියෙන්නේ මේකයි. මම හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමයි මේ ප්‍රහාරය කරනු ලැබුවේ.

කවුරුත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපි කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදියි. ඒ නිසා තමයි මේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ දෙපැත්තෙම වැරදි තියෙනවා. මේකේ නිවැරදි තැන හොයාගන්න ඕන.

වෙනස් වෙන්න ඕන තැන අපි හොයාගන්න ඕන. හොයාගෙන දෙපාර්ශවයම ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒ වෙනස ගේනකම් මේ රට හදන්න බැහැ. ඒ දේශපාලන පරිවර්තනය මේ රට ඉල්ලනවා. ඒ වෙනස ආදේශ කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ වෙනස වෙනුවෙන් අපි තරුණයන් විදිහට වැඩ කරනවා. යනුවෙන් ඔහු අදහස් පලකල අතර ඔහු පාර්ලිමේන්තුවේ සිදු කල කතාව ඇසිමට අපගේ යුටියුබ් නාලිකාවට පිවිසෙන්න.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles