28.4 C
Colombo
Tuesday, January 27, 2026

ඔබ දැනුවත්ද ? ප්‍රමිතියෙන් තොර කෑම පෙට්ටි සහ වතුර බෝතල් ගැන

දරුවන් භාවිතා කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල්වලින් 75%ක් ප්‍රමිතියෙන් තොර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදුවෙමින් පවතින බව ලෝක පිළිකා සංගමය ද අනාවරණ කර තිබේනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් පෙන්වා දී ඇත්තේ එහෙත් අදටත් ප්‍රමිතියක් නොමැති එවැනි උපකරණ මෙරට වෙළඳපොළේ දිනෙන් දින වැඩිවෙමින් පවතින බවයි.

සෞඛ්‍ය බලධාරීන්ට අනුව ආහාර සහ ජලය දැමීම සඳහා භාවිත කරන ප්ලාස්ටික් ඇසුරුම් මිලදී ගැනීමේදී එහි පතුල මත BPA වලින් තොර හෝ අංක 5 සටහන් කර ඇද්දැයි නිරීක්ෂණය කළ යුතුයි.

එසේ නොමැතිනම් වීදුරුවක් සමග ගෑරුප්පුවක සළකුණක් එම භාණ්ඩවල තිබේදැයි පරීක්ෂා කරන්න.

මෙම සලකුණු දෙකම ඇත්නම් එවැනි උපකරණ ඔබේ දරුවාටත් ඔබටත් භාවිතයට සුදුසු බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles